தமிழ் (இந்தியா)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ 2024 වසරේ හතරවන වගන්තිය යටතේ වන (Article IV) උපදේශනය නිමා කළ අතර, විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කරයි.

June 13, 2024

  • ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් හිමිවිය.
  • මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්ක හැර අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක 2023 වසරේ දෙසැම්බර් මස අවසානයේදී සපුරාගන්නා ලදී. 2024 වසරේ අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, ආර්ථික අවදානම් තවමත් පවතින අතර, ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මග අභියෝගාත්මකය. ප්‍රතිසංස්කරණ පවත්වාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ආර්ථිකයේ කල් පවත්නා යථා තත්ත්වයකට පත්වීමට සහ ණය තිරසාරභාවය සඳහා ඉතා වැදගත් වේ.
  • සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායීතාව පවත්වාගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැගීම, සහ පාලනය ශක්තිමත් කිරීම ඇතුළු වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැනි පුළුල් පරාසයක පැතිරී පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳව හතරවන වගන්තිය යටතේ වන උපදේශනය අවධානය යොමු කළේය.

වොෂින්ටන් - ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කළ අතර, එමඟින් අධිකාරීන්ට වි.ගැ.හි. මිලියන 254ක් (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) ලබා ගැනීමට ඉඩ සැලසේ. මේ සමඟ, ජා.මූ. අරමුදලෙන්  මේ දක්වා ලබා දී ඇති  මුළු මූල්‍ය සහාය වි.ගැ.හි. මිලියන 762ක් (එ.ජ. ඩොලර්  බිලියන 1ක් පමණ) වේ. [1] විධායක මණ්ඩලය 2024 වසරේ හතරවන වගන්තිය යටතේ වන උපදේශනය ද නිමා කළේය. [2]

ශ්‍රී ලංකාව සඳහා වන වි.ගැ.හි. බිලියන 2.286ක (ශ්‍රී ලංකාවට හිමි කොටස මෙන් සියයට 395ක් හෝ එ.ජ. ඩොලර් බිලියන 3ක් පමණ) විස්තීර්ණ ණය පහසුකමක් සඳහා 2023 වසරේ මාර්තු 20 වන දින විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණි (පුවත්පත් නිවේදන අංක 23/79 https://www.imf.org/en/News/Articles/2023/03/20/pr2379-imf-executive-board-approves-under-the-new-eff-arrangement-for-sri-lanka). වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 337ක් පමණ) ණය වාරික ලබා දීමක් සමඟ විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු සමාලෝචනය විධායක මණ්ඩලය විසින් 2023 දෙසැම්බර් 12 වන දින සම්පූර්ණ කරන ලදී (පුවත්පත් නිවේදන අංක 23/439 https://www.imf.org/en/News/Articles/2023/12/12/pr23439-sri-lanka-imf-executive-board-completes-first-review-under-eff-arrangement).

විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය ලැබෙන වැඩසටහන ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මත ආර්ථික බලපෑම අවම කිරීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැංවීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීම ඉලක්ක කරයි.

ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමේ සලකුණු මතුවෙමින් තිබේ. 2023 වසරේ දෙවන භාගයේ දී මූර්ත දළ දේශීය නිශ්පාදිතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3කින් වර්ධනය විය. 2024 වසරේ මැයි මස උද්ධමනය සියයට 0.9ක් වූ අතර, 2024 වසරේ අප්‍රේල් මස අග වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය විය. 2023 වසරේ දී බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 දක්වා වැඩි වීමත් සමඟ ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් දක්වා වැඩි දියුණු විය. අක්‍රීය ණයවල කාර්යසාධනය වැඩි දියුණු වුවද, බැංකු අංශයේ යම් අවදානම් ඉතිරිව පවතී.

යථා තත්ත්වයට පත්වීම ක්‍රමානුකූලව සිදු වෙමින් පවතින අතර, මැදි කාලීන වර්ධන විභවය සුදුසු ප්‍රතිපත්ති සම්පාදනයන් මත රඳා පවතී. මැතිවරණ ක්‍රියාවලියත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන අතරම, අඩු මට්ටමක පවතින බැංකු ණය ලබා දීම් සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය හේතුවෙන් 2024-25 කාලපරිච්ඡේදයේ දී වර්ධනය මධ්‍යස්ථව යථා තත්ත්වයට පත් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. කෙටි කාලීන සාධක හේතුවෙන් උද්ධමනය තාවකාලිකව වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය වීම හේතුවෙන් 2024 වසරේදී විදේශ අංශයේ ජංගම ගිණුම ධනාත්මකව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණයන්හි ගම්‍යතාවය අඩු වීම තුළින් දේශීය අවදානම් මතුවිය හැකිය. තීව්‍ර වූ කලාපීය ගැටුම්, වෙළඳ භාණ්ඩ මිල විචලනයන් සහ ගෝලීය මන්දගාමිත්වය ආශ්‍රිතව විදේශීය අවදානම් ඇති වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් මූල්‍යන පරතරය වැඩි විය හැකිය.

ශ්‍රී ලංකාව පිළිබඳ විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පහත ප්‍රකාශය නිකුත් කළේය.

“අරමුදල් මඟින් සහාය ලැබෙන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතී. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ සුළු හිඟය හැර, සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගන්නා ලදී. බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ගැලපීම් සාර්ථක වෙමින් පවති. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගනී, උද්ධමනය අඩු මට්ටමක පවතී, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතී, සහ සංචිත අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙම ධනාත්මක වර්ධනයන් හමුවේ වුවද, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය තිරසාරභාවය ළඟාකර ගැනීම අභියෝගාත්මක වී ඇත. දැනට සිදුකර ගෙන යන ප්‍රතිව්‍යුහගත කිරීම, ආදායම් රැස් කිරීම, සංචිත ඉහළ නැංවීම සහ යථා තත්ත්වයට පත්වීමට සහය දැක්වීම සඳහා බැංකුවලට ඇති හැකියාව හා සම්බන්ධ අවදානම් සහගත තත්ත්වයන් විසින් ඉදිරි දැක්ම සඳහා අඛණ්ඩව බාධා පමුණුවයි. ශක්තිමත් ප්‍රතිසංස්කරණ ප්‍රයත්න, ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ හදිසි අවස්ථා සඳහා වන සැලසුම් මෙම අවදානම් අවම කිරීමට උපකාරී වේ.

“මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා, තිරසාර ලෙස ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන්, වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දියුණු කිරීම මූල්‍ය විනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ.

“මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායීතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර, රජයේ අයවැය පරතරය මහ බැංකුව මගින් මූල්‍යනය කිරීමෙන් වැළකී සිටීමට සහ මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තිරසාර කැපවීමකින් සහාය විය යුතුය. විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය අඛණ්ඩව පවත්වාගැනීම සහ ගෙවුම් තුලන ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව ඉවත් කිරීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැංවීමට සහ විදේශීය අංශය නැවත තුලනය කිරීමට පහසුකම් සැළසීම සඳහා වැදගත් වේ.

“බැංකු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය නැවත ස්ථාපිත කිරීම සහ රාජ්‍ය බැංකුවල පාලනය සහ අධීක්‍ෂණය ශක්තිමත් කිරීම, ණය වර්ධනය සහ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ඉහළ ප්‍රමුඛතා වේ.

“දිගු කාලීන විභවයන් අත්කර ගැනීම සඳහා පවතින ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා බලධාරීන් තම උත්සාහයන් සමඟ ඉදිරියට යා යුතුය. ප්‍රධාන ප්‍රමුඛතා අතරට අයත් වන්නේ, පාලන ප්‍රතිසංස්කරණ ස්ථිර වශයෙන් සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම; අපනයන සහ විදේශීය සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ වෙළඳාම තවදුරටත් ලිහිල්කරණය කිරීම; කුසලතා වැඩි දියුණු කිරීම සහ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා ශ්‍රම වෙළඳපොල ප්‍රතිසංස්කරණ; සහ කාර්යක්‍ෂමතාව සහ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා රජය සතු ව්‍යවසායයන්ගේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම, රාජ්‍ය මූල්‍ය අවදානම් අඩු කිරීම සහ පෞද්ගලික අංශය සඳහා සම අවස්ථාවන් ලබා දීම ප්‍රවර්ධනය කිරීම යනාදියයි.

විධායක මණ්ඩල තක්සේරුව [3]

ප්‍රතිසංස්කරණ ඵලදායි වන බව සැළකිල්ලට ගනිමින් අරමුදල්-ආධාරක වැඩසටහන යටතේ බලධාරීන්ගේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය විධායක මණ්ඩලය පැසසුමට ලක් කළහ. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති අතර, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, රජයේ ආදායම වැඩිදියුණු වීම, සහ සංචිත අඛණ්ඩව වර්ධනය වීම සිදුව ඇත. කෙසේ වෙතත්, දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉදිරි මැතිවරණයන්ද ඇතුළුව ප්‍රධාන දුර්වලතා සහ අවිනිශ්චිතතා පවතින බව විධායක මණ්ඩලය අවධාරණය කළහ. මෙම පසුබිමට එරෙහිව, ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා 2025 වසරට අදාළ අයවැයට අනුගත වන අතිරේක ආදායම් ක්‍රියාමාර්ග සහ තවදුරටත් බදු පරිපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම බදු නිදහස් කිරීම් සීමා කිරීම සහ ඒවා වඩාත් විනිවිදභාවයක් ඇති කිරීම අවශ්‍ය බව විධායක මණ්ඩලය අවධාරණය කළහ. වර්ධනය වැඩිදියුණු කිරීම, සමාජ වියදම් ආරක්ෂා කිරීම සහ සමාජ ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම සඳහා ඔවුහු ඉල්ලා සිටියහ. රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විධායක මණ්ඩලය අගය කළ අතර, එමඟින් රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කෙරෙන අතර ශක්තිමත් මූල්‍ය රාමුවක් ද ස්ථාපිත කෙරේ. ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් උත්සාහයන්  අවශ්‍ය බවද ඔවුහු සඳහන් කළහ. බලශක්ති මිලකරණයේ පිරිවැය-ප්‍රතිසාධනය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය විධායක මණ්ඩලය විසින් පිළිගත් අතර, රාජ්‍ය සතු ව්‍යවසායයන්ගෙන් (SOEs) අවදානම් අඩංගු කිරීමේදී එහි තීරණාත්මක බව එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය නැවත ස්ථාපිත කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අධ්‍යක්ෂවරුන් විසින් පිළිගනු ලැබීය. නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සහ චීන අපනයන-ආනයන බැංකුව සමඟ ගිවිසුම් අවසන් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. වැඩසටහන් ඉලක්කවලට අනුකූලව විදේශීය පුද්ගලික ණය හිමියන් සමඟ, සංසන්දනාත්මක, විනිවිදභාවයෙන් යුත් සහ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකිරීමේ වැදගත්කම අධ්‍යක්ෂවරු අවධාරණය කළහ.

උද්ධමන අපේක්ෂාවන් පාලනය කිරීම, රජයේ අයවැය පරතරය මූල්‍යකරණයෙන් දිගටම වැළකී සිටීම සහ ඉඩකඩ ලැබෙන පරිදි වෙළඳපොළ රජයේ සුරැකුම්පත්වල හිමිකම් ක්‍රමයෙන් අඩු කිරීම යනාදිය අවශ්‍ය වන, මිල ස්ථායීතාවය පවත්වා ගැනීම ප්‍රමුඛතාවය ලෙස පවතින මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂවරු අවධාරණය කළහ. මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. උද්ධමනය ඉලක්කකරණ රාමුවෙහි විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීමට සහ විදේශීය අංශය නැවත තුලනය කිරීමට පහසුකම් සැලසීම සඳහා විනිමය අනුපාතිකය නම්‍යශීලීභාවය පවත්වා ගනිමින් බාහිර ස්වාරක්ෂක ගොඩනැගීමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂවරු විසින් අවධාරණය කරන ලදී. ගෙවුම් තුලන සීමා කිරීම්වලට අදාළ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වීම සදහා සහාය වීම සඳහා මූල්‍ය අංශයෙහි අවදානම් වලට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂවරුන් විසින් අවධාරනය කරන ලදී. ඉතිරිව ඇති දේශීය නීතිය මත පදනම් වන විදේශ මුදල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වාණිජ සහ රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනීකරණය ප්‍රමාණවත් කිරීම කඩිනමින් නිම කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. බැංකු පනතේ සංශෝධන බලාත්මක කිරීම අගය කළ අතර රාජ්‍ය බැංකුවල අධීක්‍ෂණය සහ පාලනය වැඩි දියුණු කිරීම සඳහා ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අධ්‍යක්ෂවරු අවධාරණය කළහ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදී කටයුතු වලට මූල්‍ය සැපයීම වැළැක්වීමේ රාමුව ශක්තිමත් කිරීමට තවදුරටත් ප්‍රයත්න දරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

සංවර්ධන හවුල්කරුවන්ගේ සහ ජා.මූ. අරමුදලේ මානව ශක්‍යතා සංවර්ධන සහාය ඇතිව පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යෑම, වර්ධන විභවයන් ළඟාකර ගැනීම සඳහා ඉතා වැදගත් බව අධ්‍යක්ෂවරු අවධාරණය කළහ. පාලන නීර්ණ වාර්තාවේ නිර්දේශ කර ඇති ප්‍රධාන පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ බලධාරීන්ගේ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම ඔවුන් අගය කළ අතර එය ස්ථිර වශයෙන් සහ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ. විදේශ වෙළඳාම තවදුරටත් ලිහිල්කරණය කිරීම, ආයෝජන වාතාවරණය සහ රජය සතු ව්‍යවසායයන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ශ්‍රම වෙළඳපොළෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාව පරතරය අඩු කිරීම සහ දේශගුණික අවදානම් අවම කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීම අධ්‍යක්ෂවරු නිර්දේශ කළහ.

 

ශ්‍රී ලංකාව: තෝරාගත් ආර්ථික දර්ශක 2021–2029

 

 

2021

2022

2023

2024

2025

2026

2027

2028

2029

     

මූලික පුරෝකථන

දළ දේශීය නිෂ්පාදිතය සහ උද්ධමනය
(ප්‍රතිශතයක් ලෙස)

මූර්ත ද.දේ.නි.

4.2

-7.3

-2.3

2.0

2.7

3.0

3.1

3.1

3.1

උද්ධමනය (සාමාන්‍ය) 1/

6.0

45.2

17.4

7.0

5.8

5.4

5.2

5.1

5.0

උද්ධමනය (කාල පරිච්ඡේදය අවසානයේදී) 1/

12.1

54.5

4.0

6.9

5.5

5.4

5.2

5.1

5.0

ද.දේ.නි. අවධමන වර්ධනය

8.0

47.5

17.5

9.8

6.9

5.4

5.2

5.1

5.0

නාමික ද.දේ.නි. යේ වර්ධනය

12.6

36.6

14.8

11.9

9.8

8.5

8.5

8.3

8.3

 

 

 

 

 

 

 

 

 

 

ඉතුරුම් සහ ආයෝජන
(ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)

ජාතික ඉතිරිකිරීම්

33.0

27.6

33.9

32.5

31.0

31.3

31.9

31.8

31.8

  රජය

-7.3

-6.4

-6.0

-3.4

-1.0

-0.1

0.3

0.7

0.7

  පෞද්ගලික

40.4

34.0

39.9

35.9

31.9

31.4

31.6

31.1

31.0

ජාතික ආයෝජන

36.7

28.6

30.8

32.1

32.1

32.4

32.8

32.7

32.6

  රජය

7.4

5.5

3.7

5.0

5.1

5.2

5.1

5.2

5.2

  පෞද්ගලික

29.4

23.1

27.1

27.1

27.0

27.3

27.7

27.5

27.4

ඉතුරුම්-ආයෝජන ශේෂය

-3.7

-1.0

3.1

0.5

-1.1

-1.2

-0.9

-0.9

-0.8

  රජය

-14.7

-11.9

-9.6

-8.4

-6.0

-5.3

-4.8

-4.5

-4.4

  පෞද්ගලික

11.0

10.9

12.8

8.8

4.9

4.1

3.9

3.6

3.6

 

 

 

 

 

 

 

 

 

 

රාජ්‍ය මූල්‍ය
(ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)

ආදායම සහ ප්‍රදාන

8.3

8.4

11.1

13.6

15.1

15.3

15.4

15.4

15.4

වියදම

20.0

18.6

19.4

20.9

20.3

19.9

19.5

19.2

19.2

ප්‍රාථමික ශේෂය

-5.7

-3.7

0.6

1.0

2.3

2.3

2.3

2.3

2.3

මධ්‍යම රජයේ ශේෂය

-11.7

-10.2

-8.3

-7.3

-5.2

-4.6

-4.1

-3.8

-3.8

මධ්‍යම රජයේ දළ මූල්‍යන අවශ්‍යතා

31.0

34.1

27.8

24.9

23.7

20.5

16.6

13.1

11.9

මධ්‍යම රජයේ ණය

102.7

115.9

109.8

108.8

108.4

108.3

106.6

103.2

100.1

රාජ්‍ය ණය 2/

114.8

126.3

115.7

114.2

113.1

112.5

110.2

106.5

103.1

 

 

 

 

 

 

 

 

 

 

මුදල් සහ ණය 
(ප්‍රතිශතය වෙනස් වීම, කාල පරිච්ඡේදය අවසානය)

සංචිත මුදල්

35.4

3.3

-1.5

18.8

11.0

8.5

8.5

8.3

8.3

පුළුල් මුදල්

13.2

15.5

7.3

14.9

10.4

8.5

8.5

8.3

8.3

දේශීය ණය

19.5

18.8

-1.2

9.3

3.6

2.5

2.3

2.4

6.7

පුද්ගලික අංශයට ලබා දුන් ණය

13.1

6.4

-0.8

7.2

9.2

9.3

9.5

9.4

9.3

පුද්ගලික අංශයට ලබා දුන් ණය (උද්ධමනය සඳහා ගලපා)

7.2

-38.8

-18.2

0.2

3.4

4.0

4.3

4.3

4.3

මධ්‍යම රජයට සහ රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් ණය

26.5

31.1

-1.6

11.0

-0.9

-3.4

-4.7

-5.5

3.2

ගෙවුම් ශේෂය
(එ. ජ. ඩොලර් මිලියන)

අපනයන

12,499

13,106

11,911

12,913

13,624

14,261

14,903

15,591

16,384

ආනයන

-20,638

-18,291

-16,811

-20,059

-22,565

-23,706

-24,362

-25,255

-26,363

ජංගම ගිණුමේ ශේෂය

-3,285

-744

2,644

412

-926

-1,031

-804

-819

-840

ජංගම ගිණුමේ ශේෂය (ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)

-3.7

-1.0

3.1

0.5

-1.1

-1.2

-0.9

-0.9

-0.8

ජංගම ගිණුමේ ශේෂය ශුද්ධ පොලිය (ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස)

-2.1

0.1

4.3

2.8

1.3

1.1

1.5

1.6

1.5

අපනයන අගය වර්ධනය (ප්‍රතිශතය)

24.4

4.9

-9.1

8.4

5.5

4.7

4.5

4.6

5.1

ආනයන අගය වර්ධනය (ප්‍රතිශතය)

28.5

-11.4

-8.1

19.3

12.5

5.1

2.8

3.7

4.4

 

 

 

 

 

 

 

 

 

 

දළ නිල සංචිත 
(කාලපරිච්ඡේදය අවසානයේදී)

එ. ජ. ඩොලර් මිලියන

3,139

1,898

4,387

5,605

7,174

9,262

13,466

15,105

15,286

වෙළඳ භාණ්ඩ හා සේවා ආනයනය ආවරණය කළ හැකි මාස ගණන

2.0

1.2

2.4

2.7

3.3

4.1

5.8

6.2

6.3

සංචිත ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ (ARA) සංයුක්ත මෙට්‍රික් ප්‍රතිශතයක් ලෙස

24.7

16.3

37.8

47.9

58.6

73.1

100.2

108.7

108.5

 

 

 

 

 

 

 

 

 

 

භාවිත කළ හැකි දළ නිල සංචිත
(කාලපරිච්ඡේදය අවසානයේදී) 3/

එ. ජ. ඩොලර් මිලියන

1,565

462

2,951

4,169

7,174

9,262

13,466

15,105

15,286

වෙළඳ භාණ්ඩ හා සේවා ආනයනය ආවරණය කළ හැකි මාස ගණන

1.0

0.3

1.6

2.0

3.3

4.1

5.8

6.2

6.3

සංචිත ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ (ARA) සංයුක්ත මෙට්‍රික් ප්‍රතිශතයක් ලෙස

12.3

4.0

25.4

35.6

58.6

73.1

100.2

108.7

108.5

 

 

 

 

 

 

 

 

 

 

විදේශ ණය
(රාජ්‍ය සහ පුද්ගලික)

එ. ජ. ඩොලර් බිලියන

58.4

57.4

52.7

53.6

55.6

58.0

62.3

64.0

65.8

ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස

65.9

77.0

62.5

61.1

64.4

65.7

68.5

67.2

65.0

 

 

 

 

 

 

 

 

 

 

විශේෂ සටහන්:

නාමික ද.දේ.නි.(රුපියල් බිලියන)

17,612

24,064

27,630

30,917

33,958

36,839

39,959

43,287

46,869

විනිමය අනුපාතිකය (කාලපරිච්ඡේදයේ සාමාන්‍යය)

198.8

322.6

327.5

          -  

          -  

          -  

          -  

          -  

          -  

විනිමය අනුපාතිකය (කාලපරිච්ඡේදය අවසානයේදී)

200.4

363.1

323.9

          -  

          -  

          -  

          -  

          -  

          -  

 

 

මූලාශ්‍ර: ශ්‍රී ලංකා බලධාරීන් විසින් සපයන ලද දත්ත; සහ ජා. මූ. අරමුදලේ කාර්ය මණ්ඩල ඇස්තමේන්තු.

1/ කොළඹ පාරිභෝගික මිල දර්ශකය.

2/ මධ්‍යම රජයේ ණය, රාජ්‍ය ඇපකර මත ගනු ලැබූ ණය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය වගකීම් (එනම්, නොපියවූ අරමුදල් ණය සහ ජාත්‍යන්තර විදේශ විනිමය හුවමාරු පහසුකම්) ඇතුළත් වේ. ණය සංඛ්‍යාලේඛන දැනට උපකල්පනය කරන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 වසර අවසානයේ අවසන් කර ඇති බවයි.

3/ චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම (2022 වසරේ දී එ.ජ. ඩො. බිලියන 1.4) හැර එය පෙර වසරේ ආනයන ආවරණයෙන් මාස 3කට වඩා දළ ජාත්‍යන්තර සංචිත ඉහළ ගිය පසු භාවිත කළ හැකි වේ.

[1] මණ්ඩලයේ අනුමැතිය ලැබුණු දිනයට අදාල වි.ගැ.හි. ඒකකයක් සඳහා වන එ.ජ. ඩොලර් වෙළඳපොළ අනුපාතිකයන් භාවිතයෙන් වි.ගැ.හි. අගයන් පරිවර්තනය කර ඇත.

[2] සාමාන්‍යයෙන් සෑම වසරකදීම ජා.මූ. අරමුදලේ ගිවිසුම් ලිපිවල IV වගන්තිය යටතේ, ජා.මූ. අරමුදලේ සාමාජිකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. කාර්ය මණ්ඩල කණ්ඩායමක් රටට පැමිණ, ආර්ථික හා මූල්‍ය තොරතුරු රැස්කර, රටේ ආර්ථික වර්ධනයන් සහ ප්‍රතිපත්ති පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි. මූලස්ථානයට ආපසු පැමිණි පසු එය, විධායක මණ්ඩලයේ සාකච්ඡාවට පදනම් වන පරිදි කාර්ය මණ්ඩලය වාර්තාවක් සකස් කරයි.

[3] සාකච්ඡාව අවසානයේදී, මණ්ඩලයේ සභාපති ලෙස, කළමණාකාර අධ්‍යක්ෂ, විධායක අධ්‍යක්ෂවරුන්ගේ අදහස් සාරාංශ කරන අතර, මෙම සාරාංශය රටේ බලධාරීන් වෙත ඉදිරිපත් කෙරේ. සාරාංශගත කිරීමේදී භාවිතා කරන ඕනෑම සුදුසුකම් පිළිබඳ පැහැදිලි කිරීමක් මෙහි සොයාගත හැකිය: http://www.IMF.org/external/np/sec/misc/qualifiers.htm.